එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර පොදු සන්ධානයක් හදනවා නම් ලබන මැයි මාසයෙන් පසුව එය සිද්ධ කළ යුතු යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විපක්ෂය දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

එය හුදෙක්ම 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරසේන මහතා කරලියට ගත් ආකාරයට අවසාන මොහොතේ සිදුකළ යුත්තක් බව මෙහිදී සාකච්ඡා වී ඇතැයි දක්නට ඇත. පවතින වාතාවරණය අනුව දේශපාලනයේ හැලහැප්පීම්, විවිධ වෙනස්කම් සිදුවන්නේ මැයි මාසයෙන් පසුව බැවින් පුළුල් පොදු සන්ධානයක් සකසනවා නම් ඊට මේ මොහොත කල් වැඩි යැයි එය ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.

සමග ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායමේ මතය වී ඇත්තේ ඔවුන්ගේ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට නම් එපමණ කාලයක් ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැකි බවයි. දැනටමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විවිධ දේශපාලන කණ්ඩායම්වලින් පුද්ගලයන් තම පාර්ශවයට ගැනීම ආරම්භ කිරීම ඊට හේතුව ලෙස දක්වා ඇත.

ඇතැම් දේශපාලනඥයන් නායකත්වය ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිව අරමුණක් හෝ පදනමක් නැතිව ගොඩනගන ලද සන්ධාන මේ වන විට දියවී ගොස් ඇතැයි ද හිටපු ජනාධිපතිනිය පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *