රුසියාවේ මොස්කවු ත්‍රස්තවාදී ප්‍රහාරය කළ බවට චෝදනා ලැබූ ටජිකිස්තාන් ජාතික සැකකරුවන් සිව් දෙනා මොස්කව් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාස දෙකක් රඳවා තබා ගැනීමට අධිකරණය නියෝග කර ඇත.

පුද්ගලයන් කණ්ඩායමක් කළ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් වූ මනුෂ්‍ය ඝාතන යන චෝදනා මෙම සැකකරුවන් වෙත ගොනු කර තිබේ. 2004 වසරට පසුව යුරෝපීය භූමියක මාරාන්තිකම ප්‍රහාරය මෙම මොස්කව් ක්‍රොකස් ශාලා ප්‍රහාරය ලෙස ගාඩියන් පුවත්පත වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *