ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණා කාර්යාංශය තුළ ස්ථාපිත කළ 109 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පැමිණිලි 1077ක් වාර්තා වී ඇති බවත් ඉන් පැමිණි 477ක් විමර්ශනය කර අවසන් අතර පැමිණිලි හතළිස් දෙකක් සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි. එමෙන්ම පැමිණිලි අටක් සමථ මණ්ඩලය වෙත යොමු කර ඇති අතර පැමිණිලි පන්සිය පනහකට අදාළ විමර්ශන කටයුතුද සිදු කරමින් පවතී.

ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂිත ඒකකයක් පසුගියදා ස්ථාපිත කළ අතර පසුගිය ජනවාරි මස 4 වැනි දා සිට මේ මස 10 වැනිදා දක්වා කාලය තුළ පැමිණිලි මේ සඳහා ඇතුළත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *