පොල් වතුර අපනයනයෙන් මෙම වසරේ පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 3439 ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. පසුගිය වසරේ ජනවාරි මාසය තුළද පොල් වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 2705 උපයා ගැනීමට හැකි වූ බවත් පසුගිය වසකට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසය වන විට රුපියල් මිලියන 734 කින් අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවත් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසයි.

ඊයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. වනසත්ව හානිය නිසා වාර්ෂිකව අහිමිවන පොල් ගෙඩි මිලියන 300ක පමණ ප්‍රමාණයද රැක ගැනීමට හැකිවන්නේ නම් මෙයට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට හැකිවන බවත් එමඟින් පොල් වගා කරුවන්ගේ ආදායම තවදුරටත් ඉහල නැංවීමට හැකි වන බවත් ඇමති අමරවීර මහතා මෙහිදී පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *