වරාය මුළුතැන්ගෙයි වැඩකටයුතු පෞද්ගලික අංශයට පැවරීමේ රජයේ සූදානමක් ඇති බව වරාය වෘත්තිය සමිති ප්‍රධානියෙක් පැවසීය.

ඒ අනුව වරාය අධිකාරියට ආහාර සකස් කිරීම ඇතුළු තවත් වැඩකටයුතු කිහිපයක් පෞද්ගලික අංශයට පැවරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව දැනගන්නට ඇති බවද එම වෘත්තිය සමිති ප්‍රධානියා කීය.

මෙම කටයුතු පෞද්ගලික අංශයට වසර දහයකට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ රජයේ සූදානමක් පවතින බව ඊට කමිටුවක් පත් කර ඇති බවද වරාය වෘත්තිය සමිති ප්‍රකාශකයා කීය.

මෙම කරුණ පිළිබඳව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයෙන් විමසුමක් කළ අවස්ථාවේදී වරාය මුළුතැන්ගේ කටයුතු පෞද්ගලික අංශයට පැවරීමේ කිසිදු සූදානමක් නැති බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ නිලධාරියා පවසා ඇත.

වරාය අධිකාරී යනු ලාභ ලබන ආයතනයක් වන අතර එහි කටයුතු පෞද්ගලික අංශයට පැවරීමට අවශ්‍ය නැති බවද එම නිලධාරියා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *