පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් ප්‍රකාශ සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වෙනිදා ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබේ.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

පාස්කු දින ප්‍රහාරය කළේ කවුද යැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 22 දින නුවරදී ප්‍රකාශයක් කළේය.

ඉන්පසු මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය. අනතුරුව හිටපු ජනාධිපතිවරයා පසුගිය 25 වැනි දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ප්‍රකාශයක් ලබාදුන් අතර එම දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා  කළේ ඒ අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *