උතුරේ නිවාස නොමැති පවුල් වෙනුවෙන් නව නිවාස පනස්දාහක් ඉදිකිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දීමට අමාත්‍ය ඩග්ලස් දෙවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීය.
සූර්ය පැනල මගින් විදුලිය නිෂ්පාදනය කරනු ලබන පෞද්ගලික ආයතනයක් හා රජය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුමක් මත මෙම නිවාස ඉදිකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රුපියල් ලක්ෂ 45 ක් පමණ වන මෙම එක් නිවසක් වර්ග අඩි 750 ක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය