නිලධාරීන් සීයකින් සමන්විත ක්ෂණික විහිඳුම් යතුරුපැදි කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයන් පසුපස හබායාම සඳහා යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත.
විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලබාදෙමින් අනතුරුව මෙම යතුරුපැදි කණ්ඩායම් අපරාධකල්ලී පසුපස හබායාම සඳහා අනුයුක්ත කෙරෙනු ඇත.
මෙම කණ්ඩායම් එක එල්ලේම සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීම සඳහාත් අපරාධ කල්හි පසුපස ක්‍රියාත්මක වන සෙසු කණ්ඩායම්වල සහාය සදහාත් යොමු කෙරේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි හඳුනාගෙනඑම අපරාධ කල්හි සඳහා වෙන වෙනම විමර්ශන කණ්ඩායම් ඔවුන් පසුපස හබායාම මේ වන විටත් සිදුකෙරෙන අතර බස්නාහිර හා දකුණු පළාත්වල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල් තල්දූව මහතා සඳහන් කළේය.