හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සියලු දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්න යැයි එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් තමන්ට නියෝග කර ඇතැයි එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක ජෙයා සරවනන් දැන් සඳහන් කළේය.

දෙමළ රූපවාහිනී මාධ්‍ය ආයතනයකට සම්මුක සාකච්ඡාවක් ලබා දෙමින් සරවනන් දැන් මේ බව පැවසීය.

විනාගමූර්ති මුරලිදරන් තමන්ව උතුරු පළාත භාරව මේ වන විට පත්කර ඇති බව කී සරවනන් මහතා ඉදිරියේදී පක්ෂයක් වශයෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට සැලසුම් කර ඇති බවද පැවසුවේය. තම භූමිය වෙනුවෙන් සටන් කළ හිටපු සියලු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ව එක කුඩයක් යටට රැස් කරන්න යැයි මුරලිදරන් නියෝග කර ඇති බවත් හිටපු නායකයෙක් නියෝග කළ හොත් අනිවාර්යයෙන් මොවුන් පැමිණෙන බවත් සරවනන් විශ්වාස පළ කළේය.

හිටපු එල්ටීටීඊ සාමාජිකයන් රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙලින් පසුව සමාජගත කෙරුණත් මේ වන විට ඔවුන්ගේ බොහොමයක් දෙනා එදිනෙදා ආහාර වේල පවා සපයා ගත නොහැකිව දුක් විඳින බව පෙන්වා දුන් මේ සියලු සමාජිකයන්ගේ හිටුවීම විනයාගමූර්ති මුරලිදරන් සැලසුම් කර ඇති බවද කිය.

මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම මුරලිදරන්ගේ සිහිනය වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *