ඇමරිකාවේ පාලම් හය ලක්ෂයකට වඩා ඇති අතර ඉන් හය දහසක් අබලන් තත්ත්වයේ පවතින බව වාර්තා වෙයි.
පාලම් වලින් 46,000ක් ඉතා අබලන් අතර 17,000 සුළු ගැටීමකින් පවා කඩා වැටිය හැකි තත්ත්වයක පවතී. මේ බව වාර්තා කර තිබෙන්නේ ඇමරිකානු සිවිල් ඉංජිනේරු සංගමය සහ ෆෙඩරල් රජයේ ඉංජිනේරුවරුන්ය.
පැරණි පාලම් කඩාවැටීමේ දැඩි අවධානමකට මුහුණපා ඇති අතර කාලගුණය සහ අධිබර ට්‍රක් රථ හේතුවෙන් පැරැණි පාලම් කඩා වැටීමේ අවදානම වැඩිවී තිබේ.