මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය ලබන අටවැනි දින දක්වා තාවකාලිකව අත්හිටුවමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.

මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක යන අය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමක් අනුව විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් දුමින්ද නිසානායකා ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර එම පක්ෂයේ තනතුරුවලින් පසුගිය සෙනසුරාදා ඉවත් කරනු ලැබ තිබිණ.

ඒ අනුව තමන් පක්‍ෂයේ තනතුරු වලින් නෙරපීම සම්බන්ධයෙන් ඔවුන් කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ල ගොනුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *