රජයේ මුදල් පිළිබද කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීමට මුදල් ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.
දිනේෂ් වීරක්කොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, ඇන්තනි නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස් විජේසිංහ, දුමින්ද හුළංගමුව මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කර ඇත.
රජයේ මුදල් කාරක සභාව හා ශ්‍රී ලංකා මහා බැංකු අතර සිදු වූ සියලු ලිපි ගනුදෙනු මත පදනම්ව ගැටලුවට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසත්, මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා කමිටුවට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024-2026 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024-03-16 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිපියට විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාවට තුඩු දී ඇති වැටුප් වැඩි කිරීම සලකා බැලීමට ද මෙම කමිටුවට පවරා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු කාර්ය මණ්ඩල ශ්‍රේණිවල පරිශ්‍රාමික සාධාරණ ලෙස ගැලපුම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙම කමිටුවට දැනුම් දී තිබේ.