පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට විශාල ගැටලු වලට මුහුණ දිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු වසන් කිරීම තුළින් ඉදිරියේදී ජාත්‍යන්තරය හමුවේ ද අනේකවිද ප්‍රශ්න වලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවද මහාචාර්යවරයා කීය.
මෑත කාලයේදී සිදු වූ ප්‍රබලතම ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරය බවක් ත්‍රස්තවාදී තොරතුරු වසන් කිරීම වසර හතක් සිරගත කළ හැකි වරදක් බවට මහාචාර්ය ජී එල් පීරිස් කීවේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේය.