ශ්‍රී ලංකා රජය ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත මෙම මුදල් භාරදී ඇත.

ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපතිවරයාට අදාල චෙක්පත ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් ලබාදී තිබේ.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්‍තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදන වලින් මෙම අරමුදලට ලැබුණු ඇමරිකන් ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ පලස්තට මෙසේ පරිත්‍යාග කළ බවද එම කාර්යාලයේ සඳහන් කළේය.

ලබන තිස් වැනිදා දක්වා පමණක් පරිත්‍යාගශීලී ජනතාවට මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී තිබෙන බවද එම කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *