රජය මැයි 21 සිට 27 දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.
“අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු” යන බුදු වදන තේමා කරගෙන මේ යටතේ රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.
එහි සමාරම්භක උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී සහ සමාප්ති උළෙල පල්ලෙපොළ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මේ අතර සත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්ථාන සහ සුරාසැල් මැයි මස 22 23 හා 24 යන දිනයන්හි වසා තැබෙන බව රජය පවසයි.