කූරගල විහාරස්ථානයේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික සංහිඳියාව බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනාවට වරදකරු වී වසක හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් කරනු ලැබූ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඊයේ ප්‍රතික්ෂේප කළේය.

එම ඇප ඉල්ලීම සලකා බැලීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් කරනු ලැබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා එහිදී ප්‍රකාශ කළේය.

මහාධිකරණය මගින් මීට පෙර වරදකරු කරමින් නියම කරනු ලැබූ වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනය අනුව විත්තිකාක හිමියන් ඇප මත මුදාහරණ ලෙස මහාධිකරණයෙන් එලෙස ඇප ඉල්ලීමක් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *