රාජ්‍ය නැකත් කමිටුව සකස් කර ඇති අලුත් අවුරුදු නැකත් සීට්ටුව පිළිගැනීමට සිදුවන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විධානපතිරණ පැවසීය.

එම නැකැත් වල ප්‍රායෝගික බව හා වෙනත් කරුණු පිළිබඳ විවිධ අදහස් පළවන නමුත් මේ අවස්ථාවේදී අවුරුදු නැකත් වෙනස් කිරීමට නොහැකි බව ද ලේකම්වරයා සඳහන් කළේය.

ලබන වසරේ අවුරුදු නැකත් සෑදීමේදී සියලු පාර්ශ්වවල අදහස් ලබාගන්නා බව පැවසූ හෙතෙම මෙවර අවුරුදු නැකත් වලට විරෝධය පළ කරන පාර්ශව වලටද එහිදී අදහස් ලබාදිය හැකි බව ප්‍රකාශ කළේ ය. මේ අතර මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව වත්මන් රාජ්‍ය නැකැත් කමිටුව විසුරුවා හැර නීතියානුකූලව නව රාජ්‍ය නැකැත් කමිටුවක් පත් කරන බවට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විධාන පතිරණ එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *