රාජපක්ෂ වරුන්ට තමන් කිසිසේත් යළි සහයෝගය නොදෙන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

තවමත් කවර මැතිවරණයක් පවත්වනු ඇත්දැයි නිශ්චිත නොමැති බැවින් මැතිවරණය නිවේදනය කළ පසුව කවර පාර්ශවයන්ට සහයෝගය ලබා දෙන්නේද යන්න පිළිබඳ තීරණය කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ රාමසාන් සමය වෙනුවෙන් කොළඹදී ජනතාව වෙත වියළි ආහාර බෙදාදීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවට ගරු කරන බව කී මන්ත්‍රීවරයා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්ද දැනට හෙළිව ඇති තොරතුරු අනුව එම ප්‍රහාරයේ මහ මුලකරුවන් නීතියේ ඉදිරියට ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කළේය.

ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්විය යුතු අතර එය කිසිදු ආකාරයකින් වෙනස් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බවත් එය වෙනස් කිරීමට උත්සහ දැකුවහොත් රට විශාල අගාධයකට වැටෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *