මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමාව ඇප මත මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන්න යයි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය කබුක්වැල්ල ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ප්‍රතික්ෂේප කළේය.

සැකකරුට ඇප ලබාදීමට තරම් ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවට තීරණය කරමින් විනිසුරුවරයා එම ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළේය.

එම ඇප අයදුම්පත්‍රයේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින නීතිපතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතීසී නිකුත් නොකරම එය ප්‍රතික්ෂේප කළ බව විනිසුරු වරයා ප්‍රකාශ කළේය.

මෙම නඩුව අධිකරණය හමුවේ ඊයේ දින කැදවුණු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ලක්මිණි ගිරිහාගම කරනු ලැබූ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් විනිසුරා එලෙස නියෝග නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *