ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ muthurajawela මුතුරාජවෙල පර්යන්තයෙන් මුදල් ගෙවා ඇනවුම් කර ඉන්ධන පැටව් පැටවු බවුසර් හතළිහකට ආසන්න සංඛ්‍යාවකට පෙරේදා (31) පස්වරුවේ එම පර්යන්තයෙන් පිටවීමට නොදී එහි රඳවා ගත් බවටත්, ඉන්ධන මිල එදින මධ්‍යම රාත්‍රියේ ම ඉහළ දැමූ බවටත් ඉන්ධනපිරවුම්හල් හිමියෝ චෝදනා කරති.

එම ඉන්ධන බවුසරය වල ඉන්ධන ලීටර් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත්, එම ඉන්ධන වලට වැඩි වූ මිල ගෙවීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් පිරවුම්හල් හිමියෝ කියති.

පිරවුම්හල් ඉන්ධන ඇණවුම් නොකරන්නේ යැයි බලශක්ති අමාත්‍යවරයා චෝදනා කළ පසුබිමක් තුළ මේ ආකාරයට මුදල් ගෙවූ ඇණවුම් සිර කිරීම අනුමත කළකළ නොහැකි බව පිරවුම්හල් හිමියෝ සදහන් සඳහන් කරති.

මෙම සිද්ධිය පිළිබඳව මුතුරාජවෙල පර්යන්තයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා පෙරේදා දිනයේ කලින් සේවය අවසන් කර පිටව යාම නිසා මේ පිළිබඳව නොදන්නා බවයි.

සුජිත් හෙවාජූලිගෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *