ඉන්දියාවේ මගී දුම්රියක සිදු වු වෙඩි තැබීමකින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව පැවසෙයි. වෙඩි තැබීම සිදු වී ඇත්තේ ජායිපූර් නුවර සිට මුම්බායි නුවර තෙක් ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක ය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීම කළේ ඉන්දීය පොලිස් කොස්තාපල්වරයෙකු බවය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු වෙයි. වෙඩි තැබීමෙන් මියගිය එක් අයෙකු උසස් පොලිස් නිලධාරියකු බව ද වාර්තා වේ.
වෙඩි තැබීම කළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි.