මෙරට කඩා වැටුණු ව්‍යාපාර යලි පණ ගැන්වීම අරමුණු කරගෙන බලපත්‍ර ලාභී බැංකු තුළ ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ඒකකත් පිහිටුවීම සඳහා මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් මහ බැංකුව නිකුත් කර තිබේ

දුෂ්කරතාවයට පත් වූ හෝ පත්විය හැකි ව්‍යාපාරයන් යළි පනගැන්වීමේ අරමුණින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

මේ අතර බලපත්‍ර ලාභී බැංකුවල ඉහළ ගිය අක්‍රීය ණය නිසි ලෙස හැසිරවීම සඳහා අදාළ ඒකක සහාය වන බව මහ බැංකුව සඳහන් කරයි.

ශාඛා පනහකට වඩා ඇති බැංකුවල සහ විශාල ශාඛාවල අදාළ ඒකකයන් පිහිටුවීමට නියමිත බවද වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන එකට වඩා වැඩි හෝ බලපත්‍ර ලාභී බැංකු වෙතින් ලබාගෙන ඇති නොපිය වූ මුළු ණය පහසුකම් රුපියල් මිලියන 250ක් හෝ ඊට වැඩි ව්‍යාපාර සඳහා අදාළ ඒකක හරහා සහාය දක්වන බවද මහ බැංකුව ප්‍රකාශ කරයි.

අධිකරණය මැදිහත්වීමකින් තොරව ස්වේච්ඡා සහ අන්යෝන්‍ය වශයෙන් එකතු විය හැකි පදනමක් සහ ආයතනික යළි පණ ගැන්වීමේ ගිවිසුමක් හරහා අදාළ ණය සම්බන්ධයෙන් එකකතාවයකට පැමිණෙන බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *