සාමාන්‍ය පෙළ හා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් ඇතුළු විභාග රාජකාරිවල යෙදෙන නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමට ඉදිරි සති තුන ඇතුළතදී කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

එම කමිටුවේ වාර්තාව අනුව දීමනා වැඩි කරන ආකාරය සම්බන්ධව තීරණයක් ගත හැකි බව ද අමැතිවරයා සඳහන් කළේය.

උසස් පෙළ විභාගයට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් 19,000ක්ද සාමාන්‍ය පෙළ විභාගයට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් 35,000ක්ද අවශ්‍ය බව හෙතෙම ප්‍රකාශ කළේය. අලුතින් පත්වීම් ලබන ගුරුවරුන්ටද උත්තර පත්‍ර පරීක්ෂාවට අයදුම් කළ හැකි බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *