රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදුවිය යුතු යැයි තමා පිළිගන්නා බව කී විපක්ෂ නායකවරයා විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගක් යැයි පැවසීය.

එබැවින් තමා විවාදයකට සූදානම් යැයි ද ආර්ථික, සමාජීය,දේශපාලන,ජාත්‍යන්තර ආදිය ඕනෑම ක්ෂේත්‍රයක මාතෘකාවක් පිළිබඳ විවාද කිරීමට තමා සූදානමින් පසුවන බවත් ඒ ඔස්සේ කතාවට සීමා නොවී රටටත් ජනතාවටත් අගය එකතුවන ලෙස වැඩ කළ යුතු බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂයේ සිටින කාලයේදීත් රටට සේවයක් කළේ සමගි ජන බලවේගය බවත් විවාදවලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ජනතාවට සේවය කිරීමේ අභියෝගය ද තමා විරුද්ධ පක්ෂ වෙත යොමු කරන බවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *