තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලෙමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීවේය.

අද දහවල් වෙනකොට දැනගන්නට ලැබුණු දෙයක් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අධිකරණයට ගිහිල්ලා අතුරු තහනම් නියෝගයක් අරගෙන තියෙනවා මාව සභාපති ධූරයෙන් ඉවත් කිරීම සඳහා. ලබන 18 වැනිදා දක්වා ඒ තහනම් නියෝගය ක්‍රියාත්මක වන බව මාධ්‍ය තුළින් මා දැක්කා. ඒ හැරෙන්න තවත් මේ වෙනකන් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් කඩදාසි කිසිවක් අපිට තවම ලැබී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *