කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයේ විකිරණ ඇඳුම් කට්ටල නොමැති වීමෙන් එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වකුගඩු රෝගීන්ගේ ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වූ බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

වකුගඩු රෝගීන්ගේ ගල් ඉවත් කිරීමේ ලේසර් ප්‍රතිකාරයේදී භාවිතා කළ ඇඳුම් කට්ටල මෙසේ හිගවීමෙන් හෙද කාර්ය මණ්ඩලය අවධානමකට මුහුණ දීම නිසා මෙම තීන්දුව ගත්තේ ඇයි එම සංගමය උපසභාපති උපසභාපති සංජීව මුණසිංහ පැවසීය.

හෙද කාර්ය මණ්ඩලය සතියක කාලයක සිට වකුගඩු රෝගීන්ගේ ගල් ඉවත් කිරීමේ ලේසර් ප්‍රතිකාරයට සම්බන්ධ නොවූ බව පැවසූ උපසභාපතිවරයා මේ වන විට ප්‍රතිකාක වලට පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් සියලු දෙනා ගැටලුවකට මුහුණ දී ඇතැයි සඳහන් කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ දිනකට හත් දෙනකු පමණ වකුගඩු රෝගීන්ගේ ගල් ඉවත් කිරීමේ ලේසර් ප්‍රතිකාරයට යොමු වන බවත් එම ප්‍රතිකාර ලබාදීමට සිටින හෙද කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *