නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හය දෙනකු අද සමගි ජන බලවේගය මූලිකත්වයෙන් ගොඩනැගෙන සමග ජන සන්ධානයට එක්වීමට නියමිතය.

මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, උපුල් ගලප්පත්ති, වසන්ත යාපා බණ්ඩාර, කේ.එස්.පී කුමාරසිරි, ආචාර්ය නාලක ගොඩ හේවා යන මන්ත්‍රීවරු මෙම සන්ධානයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති පැවසීය.

නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරය ඇතුළු එම සභාවේ සාමාජිකයන් හත් දෙනකු තවමත් සන්ධානයට එකතුවීම පිළිබඳ මතයක් ඉදිරිපත් කර නැති අතර තවත් සති කිහිපයකින් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ එම මන්ත්‍රී පිරිස දැනුම් දීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ. එම මන්ත්‍රීන් පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව ඔවුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *