ජාතික අලුත් සහල් මංගල්‍යය පනස් හත්වැනි වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පැවැත්විණි.
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 57 වැනි වරට සංවිධානය කර තිබුණි.