කොළඹ නාලන්දා විද්‍යාලයේ එළඹෙන සියවස් සැමරුම නිමිති කර ගනිමින් ඉදිකිරීමට නියමිත නව තාක්ෂණික සියුමහල් ගොඩනැගිල්ල සහ කාය වර්ධන මධ්‍යස්ථානය සහිත එකවර ක්‍රීඩා දහයකට ආසන්න ප්‍රමාණයක් කළ හැකි අති නවීන තෙමහල් ක්‍රීඩා සංකීර්ණය වෙනුවෙන් සිය පෞද්ගලික මුදලින් සුවිශේෂී මුදලක් කීර්තිමත් ආදී නාලන්දියකු මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් විද්‍යාලය වෙත පිරිනැමීම ඉකුත්දා සිදුවිය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රථම දායකත්වය මෙය වීමද විශේෂත්වයකි. කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරී මඩුල්ල විසින්ද සිය පෞද්ගලික මුදලින් රුපියල් කෝටියක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා පිරිනැමීය. ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි හැටකට ආසන්න මුදලක් ඇස්තමේන්තු ගත කර තිබේ.

නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් 2023 24 වාරය සඳහා පත් වූ නව නිලධාරීන්ගේ ප්‍රථම විධායක රැස්වීම එම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම මූල්‍ය පරිත්‍යාගයන් සිදු විය.

මේ අවස්ථාව සඳහා නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පික සිල්වා මෙන්ම නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *