පාස්කු දා ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ තෙදින විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන ලබන අප්‍රේල් 24,25 හා 26 යන දිනයන්හි මෙම විවාදය පැවැත්වීමට නියමිතය.

විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව මෙම විවාදය පැවැත්වේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සමඟ දේශපාලන පක්ෂ විවිධ මත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර ඊට විවාදයක් අවශ්‍ය බවද විපක්ෂය විසින් ඉල්ලා සිටින ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *