මින් ඉදිරියට පොල්තෙල් ගෙන්වීම, බෙදා හැරීම ඇතුළු පොල්තෙල් වෙළඳපොළ මුළුමනින්ම නියාමනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පොල්තෙල් ආනයනය කිරීමේදී කර්මාත අමාත්‍යාංශයේ ලියාපදිංචි කර්මාන්තායතන සඳහා පමණක් අවසර ලබාදීමට හා පොල්තෙල් නියාමනය කිරීමේ බලය පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර තිබේ.

පොල්තෙල් ආනයනය කිරීමේදී පනවන තීරු බදු ප්‍රමාණය හා ගෘහස්ථ පරිභෝජනයට සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය වන පොල්තෙල් ප්‍රමාණය කොපමණද යන්න තීරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම පොල්තෙල්වල ගුණාත්මකභාවය රැකගැනීමට පොල්තෙල් නිෂ්පාදකයාත්, මහා පරිමාණ බෝතල් කිරීමේ කර්මාන්තායතන සම්බන්ධ කරන දේශීය පොල්තෙල් පාරිභෝගිකය ආරක්ෂා වන ආකාරයේ නිෂ්පාදන සැලසුම් හා ඇසුරුම් යාන්ත්‍රණයක් සකස් කිරීමට ක්‍රමවේදයක්ද සකස් කිරීමට අවශ්‍ය බලතල පොල් සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත. ඒ අනුව දේශීය පොල්තෙල් කර්මාන්ත නියාමනය සඳහා ආරම්භක පියවරක් ලෙස මධ්‍යම පරිමාණ දෛනික ධාරිතාව මෙට්‍රික් ටොන් බින්දුවයි දශම පහට වැඩි සියලුම පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තායතන පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *