මේ වසර අවසානයට පෙර දුම්රිය ගමන් සඳහා ඊ ප්‍රවේශපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරගෙන යන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩ්බ්ලිව්. බණ්ඩාර මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් ලෙස ඩොලර් මිලියන 19ක වියදමින් මෙය ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසීය.

කලක සිට ක්‍රියාත්මක නොවී තිබූ මෙම ව්‍යාපෘතයේ කටයුතු කඩිනම් කරන ලෙසට ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්ඳුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කර තිබේ. එහි මූලික පියවරක් ලෙස ඉදිරි මාස පහක් ඇතුළත දුම්රිය ප්‍රවේශපත් සඳහා QR කේතය හඳුන්වාදීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *