උපාධිධාරීන් 5,450ක් ස්ථාව අනුව බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සදහා පළාත් 9 ට අදාළව මෙම ගුරුවරුන් බදවා ගන්නා අතර පළාත් මගින් එම බදවා ගැනීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ජාතික පාසල් සදහා අවශ්‍ය ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බදවා ගන්නා බව ද ඇමතිවරයා කීය.ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සදහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.සියලු විද්‍යා පීඨ ඒකාබද්ධ කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ යෝජනාව ද සංකල්ප පත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් කර ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
වර්ෂ 2024 දී පාසල් නිල ඇදුම් හා පෙළ පොත් නියමිත දිනයන් හි දී සිසුන් අතට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *