රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හි ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා තිබේ. පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා පොලිසිය, විශේෂකාර්‍ය බලකාය සහ ත්‍රිවිධ හමුදා ආරක්ෂක අංශය කැඳවා ඇත.

සෑම පොලිස් වසමකම අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල මවුලව තුමන්ලා හමුවී එම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇත.

ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන 2453 කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර තිබේ. එම දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පන්දාස් පන්සිය අසූවක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පන්සිය දහයක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් 1960 ක් සමඟින් 7350කට අධික ආරක්ෂක බට පිරිසක් යෙදවීමට මේ වන විටත් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *