දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හසුරුවන විදේශීය සමාගම් මූලික අරමුණුවලින් පරිබාහිරව කටයුතු කර තිබියදී එහි ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට නව ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සාහයක් තිබෙන බව දේශීය ආදායම් සේවා සංගමය චෝදනා කරයි .

පසුගිය වසර 10 තුළ රුපියල් කෝටි 190ක් වැය කරමින් මෙම ව්‍යාපෘතිය අසාර්ථකව ක්‍රියාත්මක කර තිබියදී කැබිනට් මණ්ඩලයේ අවසරය ලබාගෙන තවත් වසර තුනකට රුපියල් කෝටි හත්සීයක් වැය කිරීමේ සූදානමක් තිබෙන බව බව එහි සම ලේකම් උදය.සිරි මහතා කීවේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු පරිපාලනය සඳහා 2014 දී ආරම්භ කර 2016 වසරේ සිට ක්‍රියාත්මක කළ රැමිස් පද්ධතිය මුල් අරමුණු වලින් පරිබාහිරව ක්‍රියාත්මක වන බව පැවසූ උදයසිරි මහතා එහි සංවර්ධන කටයුතු සිදු කරන විදේශීය සමාගම මූලික ගැටලුවලට විසඳුම් ලබාදීමට අපොහොසත් වී ඇතැයි කීය.

2018 2019 තක්සේරු වර්ෂයේ සිට බදු තක්සේරු දැන්වීම් නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි පැවසූ සමලේකම් වරයා නිලධාරීන්ගේ කටයුතු වලට අවශ්‍ය තොරතුරු නිවැරදිව අවශ්‍ය වේලාවට ලබා ගැනීමට නොහැකි වී තිබෙන බවද සඳහන් කළේය.

එසේම හිග බදු හා බදු බැර පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නොහැකි වීමත්, අවශ්‍ය පරිදි බදු සම්බන්ධ වාර්තා ලබා ගැනීමට නොහැකිවීමත්, භාවිතයට පහසු අන්දමින් දත්ත පද්ධතිය සකස් නොවීමත් එහි දුර්වලකම් බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *