ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීම එකඟතාවයක් ඇතිකර ගැනීමේ සූදානමක් මේ වනවිට පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රථමයෙන් ප්‍රධාන පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ජාතික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් එකගතාවක් ඇතිකර ගැනීමට නොහැකි වී ඇති අතර එම එකඟතාවය ඇතිකර ගැනීමට උත්සාහ දරමින් සිටින බවක් දැනගන්නට ඇත.

කෙසේ නමුත් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු එම සාකච්ඡා අවසන් කර අවසන් තීරණයකට එළැඹීමටද නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය. එක ගතාවකට පැමිණීමට හැකි වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස පොදු ලකුණකින් තරග කරනු ඇත.

ජාතික ප්‍රතිපත්තීන් පිළිබඳව එකගතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කෙරෙන බවත් එම පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසීය. ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාව පැවැත්වූ නමුත් තීරණයකට එළඹීමට නොහැකි වීම තුළ මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාටය ඉඩ හැර ඇත. කෙසේ වුවත් එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *