ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හා ස්වෛරීත්වය තහවුරු කිරීමට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන බවට ඇමරිකා එක්සත් ජනපදය දැනුම් දී තිබේ.

ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලෙයිවාන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකට මේ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව රත්නායක මහතා සුලෙඉවාන් මහතා අතර පැවති දුරකථන සාකච්ඡාවකදී මෙම පොරොන්දුව ලබා දී තිබේ.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතුවලට අවශ්‍ය උපකරණ ලබාදීම ගැනද මෙහිදී දෙරට රාජ්‍ය නියෝජිතයන් දෙදෙනා සාකච්ඡා කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ මූල්‍ය කටයුතුවලට මෙන්ම මූල්‍ය පාලනයට ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබාදීමට ද ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේෂකවරයා මෙහිදී පොරොන්දු වී තිබේ.

මේ පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට දෙපාර්ශවය එකඟතාව පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *