සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනපති විශේෂ සමාව හිමිවූ සිරකරුවන් 779 ක් නිදහස ලබා මෙම මස 13 වැනි දා බන්ධනාගාරවලින් පිටත්ව යාමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වැනි වගන්තියේ පළවී ඇති බලතල ප්‍රකාරව, සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව හිමිවී තිබේ.

නිදහස ලබන මෙම රඳවූවන්ගෙන් 11 දෙනෙක් කාන්තා රදව්වෝ වෙති.

මෙවර වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් නිදහස ලබා ඇත්තේ පල්ලකැලේ බන්ධනාගාරයෙනි. සංඛ්‍යාව 210කි. විරවිල බන්ධනාගාරයෙන් සිරකරුවන් අනූ එකක් ද තල් දෙන බන්ධනාගාරයෙන් අසූ අටක්ද මහර බන්ධනාගාරයෙන් පනස් හයක් ද අබේපුස්ස බන්ධනාගාරයෙන් 43ක්ද අනුරාධපුර බන්ධනාගාරයෙන් තිහක්ද වශයෙන් බන්ධනාගාර විසි නමයකින් මෙම සිරකරුවන් නිදහස ලබා ඇත.

ගත කරන ලද සිර දඬුවම් කාලයෙන් වසරකට සති එකක් අඩු කිරීම, පුනරස්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියම කර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති වූවන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම, දඩ මුදල් අහෝසි කිරීම යටතේ මෙම සිරකරුවන් නිදහස ලැබීමට සුදුසුකම් ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *