හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රමේෂ් සුබසිංහ හා බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වී තිබේ.

එම තනතුර සඳහා ඉදිරිපත් වූ අයදුම්කරුවන් පනස් තුන්දෙනා අතරින් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකාර ධූරය සඳහා ඔහු තෝරා පත් කරගෙන ඇති බව වාර්තාවේ.

නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවකු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙසද රමේශ් මීට පෙර කටයුතු කර තිබුණි.

රමේශ් අයිසී.සී තුන්වන මට්ටමේ පුහුණුකරුවෙකු ලෙස සිය සුදුසුකම් සම්පූර්ණ කර ඇති අතර බටහිර ඉන්දීය කෝදෙවු පිරිමි ක්‍රිකට් ඇකඩමිය එරට නැගී එන යෝවුන් ක්‍රිකට් කණ්ඩායම වශයෙන්ද සලකුණු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *