අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140 ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් මස 18 වැනිදා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවය.

ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා අතර රුපියල් බිලියන 58.5 ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *