අවුරුද්දට ගම්බිම් බලා යන මගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය අප්‍රේල් පස්වෙනිදා ආරම්භ කළ බස් රථ සේවාව දැනටමත් ක්‍රියාත්මක වන අතර ආපසු පැමිණීම උදෙසා එම සේවාවන් දාහත් වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම සිට විශේෂ ගමන් වාර 1500 පමණ ක්‍රියාත්මක වේ.

ඊට අමතරව අන්තර් පළාත් සහ විශේෂ බස් රථ ගමන් වාර අටසිය හැත්තෑවක් ක්‍රියාත්මක අතර, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් දුරබලා සඳහා ආරම්භ කළ විශේෂ අධිවේගී බස්රථ සේවයද මේ වන විටත් ක්‍රියාත්මක අතර එම බස් රථ ද 14 වැනිදා දක්වා කොළඹ බලා එන මගීන් වෙනුවෙන් ක්‍රියාත්මකය.

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව පසුගිය දහවෙනිදා කොළඹ කොටුව සිට මහනුවර, හැටන්, බදුල්ල, බණ්ඩාරවෙල හා නානුඔය දක්වා සහ මරදාන සිට ගාල්ල, මාතර බෙලිඅත්ත දක්වා ඇරඹුණු විශේෂ දුම්රිය සේවය පහළොස්වැනි දා දක්වා ක්‍රියාත්මක වන අතර අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට ආපසු පැමිණීම උදෙසා එම දුම්රියන් විශේෂිත ලෙසින් ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *