ජනතාව සහනයක් වීම පිණිස බඩු මිල අඩු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම අගය කරන නමුත් වර්තමානයේ ආණ්ඩුව භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇත්තේ ළඟ එන ඡන්දය නිසා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

” ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම මාලිමාව වටා ජනතාව එකතු වෙමින් ඉන්නවා. මේ විදිහට ජනතාව අප වටා එකතු වෙන්න. එකතුවෙන ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන සහන ප්‍රමාණය වැඩිවෙනවා

හොරකම වංචාව නාස්තිය හා අල්ලස එක්ක තමයි ඔවුන් මේ ප්‍රමාණය අඩුකර තියෙන්නේ. කෝප් කමිටු වෙනුත් මේ විදිහට භාණ්ඩවල මිල අසාධාරණ ලෙස වැඩි කරපු විදිහ හෙළිදරව් වුණා. මෙවැනි වංචා දූෂණ අල්ලස් හොරකම නාස්තිය දූෂණය නතර කරන පාලනයක් පිහිටුවා ගත්තොත් මීටත් වැඩිය බඩු මිල අඩුකරගන්න පුළුවන්.

මේකෙන් පේන්නේ මීට කලින් බඩු මිල වැඩි කරලා තියෙන්නේ වැඩිකරන්න ඕන නිසා නෙමෙයි. මේ වගේ අසාධාරණ හේතු නිසා බව. ඒක මේ බඩු මිල අඩු කරන විදිහෙන්ම ජනතාවට අවබෝධ වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *