පසුගිය වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සාපේක්ෂව මේ වසරේ ගිනිකෙළි නිෂ්පාදන අලෙවිය සියයට විසිපහක් තිහත් අතර ප්‍රමාණයකින් වැඩි වී ඇතැයි ගිනි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පැවසීය.

ගිණිකිළි අලවියේ වර්දනය ගිය වසරට වඩා මේ වසරේ සිදුවන්නට ඇත්තේ රට යථා තත්ත්වයට පත්වෙමින් තිබීමත් සමග ගිය වසරට සාපේක්ෂව මේ වසරේ ආර්ථිකය යම් මට්ටමකට ඉහළ යෑමත් නිසා විය හැකි බවද ඔහු කීය.

ගිනිකිලි නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් පැන නැඟී ඇති බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් දිනේෂ් ප්‍රනාන්දු සභාපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන සිදු කරන්නේ බලපත්‍ර නොමැතිව ගිනිකිලි නිෂ්පාදනය කරන පිරිස් බවයි. ඔවුන් වැඩිලාභ ලබා ගැනීම සඳහා ගිණිකිළි නිෂ්පාදන ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කරන බවට ඔහු චෝදනා කළේය.

බලපත්‍ර ලාභීන්ගෙන්ම කොටසක් මේ ජාවාරමේ සිටින බවද බලපත්‍ර නොමැති වූවන්ට වෙඩි බෙහෙත් වැඩි මිලට ලබාදීම හේතුවෙන් මේ තත්ත්වය පැන නැගී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *