පැවති වියලි කාලගුණ තත්ත්වයෙන් පසුව මාතලේ දිස්ත්‍රික්කයේ කජු වගාවේ සාර්ථක පළ හට ගැනීමක් දක්නට ලැබෙන බව වගාකරුවෝ පවසති.
පසුගිය වසරට සාපේක්ෂව මෙවර සාර්ථක අස්වැන්නක් ලැබෙනු ඇතැයි ඔහු පැවසූහ.
පෙර වසර වල මෙන් නොව මෙවර පලිබෝධ හානිවල අඩුවක් දක්නට ලැබෙන බවත් ඒ නිසා මෙවර මාතලේ කජු ඇස්වැන්නේ සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත් වගාකරුවෝ සඳහන් කළහ.
මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල, ලග්ගල,අබන් ගඟ කෝරලේ ගලේවෙලා ආදී ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසක මෙවර කජු ඵලදාව සාර්ථක මට්ටමෙන් පවතින බව වගා කරුවෝ පැවසූහ.