ප්‍රවීණ කලා ශිල්පී රෝහණ බැද්දගෙ මහතා ගායනා කරන ලද අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිශමේ පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් ඊට අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ප්‍රමාද වන බව සංස්කෘතික කටයුතු ඇමතී විදුර වික්‍රමනායක පැවසීය.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කඩිනම් කළ යුත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බව පැවසූ ඇමතිවරයා කොමිසමේ විමර්ශනය වාර්තා ලද විගස පවතින නීතිය යටතේ අදාළ පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවද පැවසීය. ඇමතිවරයාගේ උපදෙස් අනුව අමාත්‍යාංශය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *