ශ්‍රී ලංකා වෙණුවෙන් පමණක් ලොකු ලූණු අපනයනය තහනම ඉවත් කිරීමට ඉන්දීය රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.
පසුගිය මාස කිහිපය පුරාවම ඉන්දියාව කිසිදු රටකට ලොකු ලූණු අපනයනය නොකළ නමුත් මෙරට සිංහල දමිල අලුත් අවුරුදු උත්සවය සමය ඉලක්ක කරගෙන එම අපනයන තහනම මෙසේ ඉවත් කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කීය.
ඒ අනුව ඉන්දීය විදේශ වෙළද අධ්‍යක්ෂකගේ නියාමනය පරිදි ලොකු ලූනු මෙට්‍රික් ටොන් දාහක් ශ්‍රී ලංකාවට අපනයනය සඳහා ඉන්දියාව අවසර ලබා දී ඇතැයි ද එම කාර්යාලය කීය.
ඉන්දියාවේ අසල්වැසි රටවලට ප්‍රමුඛතාව ලබාදීමේ ප්‍රතිපත්තියට අනුව මෙසේ ශ්‍රී ලංකාවට ලූණු අපනයනයට ඉඩ දීමට තීරණය කර ඇතැයි ඇතැයි ද එම කොමසාරිස් කාර්යාලය පැවසීය.
අනෙකුත් විදෙස් රටවල් සඳහා මෙම ඉන්දීය ලොකු ලූණු අපනයන තහනම පෙර පරිදිම ක්‍රියාත්මක නමුත් ශ්‍රී ලංකාව සිය අසල්වැසි මිත්‍ර රට බැවින් එම අපනයන තහනම මෙසේ ඉවත් කළ බවද එම කාර්යාලය පැවසීය.