ඕනෑම අයෙකුට නව විදුලිබල පනතට අභියෝග කළ හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඇතැම් විදුලි බල සමිති සිදු කරන ප්‍රකාශ සමස්ත විදුලි සේවකයන්ගේ මතය නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු සංගමයේ සිටින්නේ සූදානයක් බවත් ඇතැමුන් විශ්‍රාම ගොස් එම සංගම්වලට වී ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාවට අඩු වියදමකින් යුතුව විදුලිය ලබාදීම සඳහා විදුලි ජනන වියදම අඩු කිරීමට මෙන්ම පරිපාලන වියදම අඩු කිරීමට රජයක් ලෙස කටයුතු කරමින් සිටින බවත් මෙහිදී විශේෂයෙන් විදුලි ජනන වියදම අඩු කිරීම සඳහා සිදුකරන පුනර්ජන වලට අකුල් නොහෙලා සහයෝගය දිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *