පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් මිලියන 295 කට අධික මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇති බව හානිපූර්ණ සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාවලින් අනාවරණය වේ.

ඒ යටතේ මරණයට පත් වූ හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් 273,747,000 ක් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් 21,752,069ක් වන්දි ලෙස ගෙවා ඇත.

එම වන්දි ප්‍රදානය කර ඇත්තේ මරණයට පත් වූ හා සදාකාලික දුබලතාවයට පත් වූ අයකු සඳහා රුපියල් මිලියනයක්, වෛද්‍ය වාර්තාවේ සඳහන් ආකාරයට තාවකාලික හා සදාකාලික දුබලතාවයෙහි ප්‍රතිශතය මත පදනම්ව උපරිමය රුපියල් 500,000ක් හානියට පත් වූ දේපළ සඳහා රජයේ ප්‍රධාන තක්සේරු නිලධාරියාගේ තක්සේරු කිරීමෙන් අනතුරුව උපරිමය රුපියල් 5,000,000 දක්වා මුදලකට යටත්වය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *