ජනතාව විමුක්ති පෙරමුණේ රතු මැයි රැළිය පක්ෂ සංවිධාන යාන්ත්‍රණයෙන් ඔබ්බට ගොස් මෙවර ජාතික ජන බලවේගය යටතේ හවුල් ව්‍යාපාරයක් ලෙස ස්ථාන හතරක සැමරීමටම පක්ෂය තීන්දු කර ඇත.

” රට හදන විසඳුමට ජන බලය එක පෙලට” මෙවර මාලිමාවේ තේමා පාටයයි.

ඒ අනුව කොළඹ යාපනය අනුරාධපුර හා මාතර යන දිස්ත්‍රික්ක හතරේ මැයි රැලි හතරක් ජාතික ජන බලවේගය නායකයාගේ ප්‍රධානත්වයෙන් මෙවර පවත්වනු ඇත.

ජාතික ජන බලවේගය නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහභාගී වන්නේ කොළඹ පැවැත්වෙන මේ රැලියටය.

මීට පෙර සිදු කළ ආකාරයට රට පෙළපාළි වැනි අංග මෙවර මැයි රැලියට ඇතුළත් නොකරන අතර මෙය උද්ඝෝෂණ මගින් ජනතාව දැනුවත් කිරීමේ කටයුත්තක් ලෙස පැවැත්වීමටද පැවැත්වීමට ද එම පක්ෂය තීන්දු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *