විදේශීය සංචාරකයන්ට හොඳින් සලකන ආකාරය පිළිබඳව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පුද්ගලයන්ව දැනුවත් කරන ලෙස දිවයින පුරා පිහිටි සංචාරක පොලිස් ස්ථාන 42ට දැනුම් දී ඇතැයි පොලිස් සංචාරක කොට්ඨාසය කියයි.
සංචාරකයන්ගෙන් වැඩිපුර මුදල් අය නොකිරීම, සංචාරකයන්ට කතා කළ යුතු ආකාරය, ඔවුන්ට නිවැරදි විස්තර හා නිවැරදි දේ පෙන්විය යුතු බව, ඔවුන්ගේ අවශ්‍යතා සපුරන්නේ කෙසේද යන්න සහ ඔවුන් නැවතත් මෙරටට පැමිණීම සඳහා හොද සේවයක් ලබාදෙන ආකාරය වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරය නියැලී සිටින්නන් දැනුවත් කිරීම මෙකී පොලිස් ස්ථාන මගින් සිදු කරනු ඇත.
සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නන් මෙලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් උණ වටුන හික්කඩුව හා වැලිමඩ ප්‍රදේශවල පැවැත්වෙන අතර ඉදිරියේදී සංචාරකයන් වැඩිපුර පැමිණෙනු ඇතැයි විශ්වාස කරන නැගෙනහිර පළාතේ මෙම ව්‍යාපාරයේ නියැලෙන්නන් දැනුවත් කිරීමද සිදුකරන බව පොලිස් සංචාරක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා කීය.